නිදිපෙති දී දැරිය දූෂණය කළැයි මාමා අත්අඩංගුවට

අවුරුදු 14ක දැරියක් දූෂණය කළ පුවතක් සම්බන්ධයෙන් තොරතුරු යාපනය, චුන්නාකම්, මයිලන්ගාඩු ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ඒ සම්බන්ධයෙන් දැරියගේ මාමා කෙනෙකු පොලිසිය විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා නිවසේ කිසිවෙකු නොමැති අවස්ථාවලදී දැරියට නිදිපෙති මුසුකළ පැණිබීම පානය කිරීමට දී ඇය නින්දට ගිය පසුව මෙලෙස දූෂණය කර ඇති බවයි චුන්නාකම් පොලිසිය සඳහන් කරන්නේ.

ඔහු විසින් මෙය දීර්ඝ කාලයක් තිස්සේම සිදුකර ඇති අතර මෙම සිද්ධිය හෙළි වී ඇත්තේ හදිසියේම නිවසට පැමිණි අයෙකු නිසා බවටයි සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles