සී.අයී.ඩී. භාරයෙන් මිදී පැනයාමට උත්සාහ කළ කුප්‍රකට පාතාල නායක නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ හෘදයාබාධයක් වැළඳීමෙන් ඊයේ (සැප්. 14) පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව වාර්තා වෙනවා.
මේ අතර මෙම සැකකරු පසුගිය ඉරිදා (සැප්. 10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (සීඅයිඩී) අත්අඩංගුවේ සිට පළා යාමට කළ අසාර්ථක උත්සාහය පිළිබඳ විමර්ශනවලින් මෙම වෑයමට අදාළ කිසිදු සීසීටීවී දර්ශනයක් නොමැති බවත්, වසරක් තිස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සී.සී.ටී.වී. කැමරා ක්‍රියාවිරහිතව පවතින බවත් හෙළි වී තිබෙනවා.
අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරන්නේ ඉහත සිද්ධියෙන් පසු මේ වන විට සී.සී.ටී.වී. කැමරා පද්ධතිය කඩිනමින් අලුත්වැඩියා කරන බවයි.
කෙසේ වෙතත් මෙම සිදුවීම දා රාජකාරි කළ නිලධාරීන් කිහිප දෙනෙකු ස්ථාන මාරු කර ඇති බව වාර්තා වුණා. නඳුන් චින්තක නමැත්තාට පැන යාමට සහය පළ කළ බව කියන පොලිස් කොස්තාපල්වරයා මේ වන විට අතුරුදහන්ව සිටිනවා.