මේ වසරේ නොසිතූ ආර්ථික වර්ධනයක්

කලින් පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා ඉහළ ආර්ථික වර්ධනයක් මේ වසරේ වාර්තා කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ සඳහා ප්‍රබල සාක්ෂි පවතින බවද නවතම ආර්ථික දර්ශක මගින් ඒ බව පෙන්නුම් කරන බවද මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙනවා.

ඉකුත් අප්‍රේල් මස නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තාවේ සඳහන් වූයේ මේ වසරේ ආර්ථිකය සියයට 3 කින් වර්ධනය වනු ඇති බවයි.

මේ අනුව සියයට 3 ඉක්මවා ගිය ආර්ථික වර්ධනයක් මේ වසරේ වාර්තා කරනු ඇතැයි ඉහත වාර්තා අනුව අපේක්ෂා කෙරෙන බවද මහා බැංකුව පවසනවා.

මේ අතර 2024 වසරේ පළමු කාර්තුවේදී සියයට 5.3 කින් සහ දෙවන කාර්තුවේදී සියයට 4.7කින් ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වී ඇති බව මහා බැංකු වාර්තා අනාවරණය කළා.

මෙසේ වසරේ පළමු මාස හයේදී වාර්තා කරන ලද ඉහළ ආර්ථික වර්ධනය මේ වසරේ දෙවන මාස හයේදී ද අඛණ්ඩව පවතිනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එම නවතම වාර්තාවේ වැඩි දුරටත් දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles