සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එරෙහිව කටයුතු කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයක් පිහිටුවීමට තීරණය කළ බව සෞඛ්‍ය වෘත්තිය සමිති පවසනවා.
සෞඛ්‍ය සේවකයන්ට ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීමට වාරණයක් පනවමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයට එකඟ නොවන්නේ එසේ චකුලේඛයක් නිකුත් කිරීමට නීත්‍යානුකූල අයිතියක් ලේකම්වරයාට නොමැති නිසා බවයි පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ.
එම සන්ධානය පිහිටුවීමට සෞඛ්‍ය වෘත්තිය සමිති කොළඹට රැස්ව සෞඛ්‍ය ලේකම්ගේ චක්‍රලේඛනයට එරෙහිව පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.
ඒ එම චක්‍රලේඛය වෘත්තීය සමිති අයිතිවාසිකම් මර්නදය කිරීමක් මෙන්ම, රෝගීන්ගේ සහ නිදහස් සෞඛ්‍ය සේවාවේ උන්නතිය වෙනුවෙන් භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සීමා කිරීමක් බව සඳහන් කරමින්.
සෞඛ්‍ය සේවාවේ හෙළිදරව් වෙමින් පවතින දූෂණ, වංචා ඇතුළු අනෙකුත් අකටයුතුකම් සමාජයට නිරාවරණය වීම වැලැක්වීම සඳහා එම චක්‍රලේඛය හරහා උත්සහ ගෙන ඇති බව ද පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය සිය ලිපිය මගින් කියා තිබෙනවා.
එබැවින් මෙම චක්‍රලේඛය හිතාමතාම වෘත්තීය සමිති මර්දනය කිරීම සඳහා අනියමින් යොදා ගැනීමට සැලසුම් සහගතව නිකුත් කරන ලද්දක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවත්, ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට සිදු වන බවත් එම ලිපියේ සඳහන්.
කෙසේ නමුත් මෙම චක්‍රලේඛයට අදාලව වෘත්තීය සමිති හා වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම්වල නියෝජිතයන් සඳහා මාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සඳහා වන විධි විධානයන් නිශ්චිතව පැහැදිලි කර නොමැති බැවින් ඒ පිළිබඳව කඩිනමින් පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත් එම සංගමය ඉල්ලා සිටිනවා.
එසේම මේ පිළිබඳව සාකච්ඡා කිරීමට කඩිනම් අවස්ථාවක් ලබා දෙන ලෙසත් එතෙක් එම චක්‍රලේඛය බලරහිත කරන ලෙසත් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ද බලමණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.