රංගෙ බණ්ඩාරගේ ප්‍රකාශයට එ.ජ.පෙ විරෝධය

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වසර දෙකකින් කල්දැමීමට කටයුතු කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර කළ ප්‍රකාශය හෙලා දකින බව එක්සත් ජනරජ පෙරමුණ ප්‍රකාශ කරනවා.

අදාළ ප්‍රකාශය පක්ෂයේ මතය ද, නොඑසේ නම් රංගේ බණ්ඩාරගේ පෞද්ගලික මතය දැයි ඔවුන් ප්‍රශ්න කරනවා.

කෙසේවෙතත් එජාප මහ ලේකම් රංගෙ බණ්ඩාර සිදුකරන එම ප්‍රකාශය මගින් කෙරෙන යෝජනාව පිළිකුලෙන් යුතුව හෙලා දකින බවයි එක්සත් ජනරජ පෙරමුණ පවසන්නේ.

ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ඇතුළු අනෙකුත් මැතිවරණ ද නිසි වේලාවේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව පියවර ගනු ඇතැයි අපේක්ෂා කරන බවද එම පෙරමුණ වැඩිදුරටත් සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles