වඩිවේල්ට -සාහිර්ට අමාත්‍ය ධුර

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වඩිවෙල් සුරේෂ්ට සහ අලි සාහීර් මව්ලානාට අමාත්‍ය ධුර පිරිනමා තිබෙනවා.

එහිදී අලි සාහීර් මව්ලානාට කැබිනට් නොවන සංවර්ධන ව්‍යාපෘති අමාත්‍ය ධුරය පිරිනමා ඇති අතර වඩිවෙල් සුරේෂ් කම්කරු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා අදාළ පත්වීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් අද (21) දිනයේ ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

වඩිවෙල් සුරේෂ් බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි අතර සාහීර් මව්ලානා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles