කෙහෙළිය ගැන චන්දිම දුක්වෙයි

නුවන් හෙට්ටිආරච්චි

“කෙහෙලිය රඹුක්වැල්ලට එරෙහිව ගෙන එන විශ්වාසභංගයට ඔහුටම වුවද හෘද සාක්ෂියට එකඟව ඡන්දය ලබාදීමට සිදුවෙන” බව සමගි ජනබලවේගයේ හබරාදූව සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා.

ඒ් තත්ත්වයට කෙහෙළිය අමාත්‍යවරයා වැටීම සම්බන්ධව තමන් කණගාටුවන අතර එතුමාට මේ වන විට යන එන මං නැති තත්වයකට පත්ව ඇති බව ද පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

එසේම “කොහොම උණත් හෘද සක්ෂියට අනුව කටයුතු කරන්න සිදුවෙනවා. අමන තීන්දු එක්ක තමයි රටේ මෙවැනි අර්බුදයක් ඇතිවෙලා තියෙන්නේ.. කිසිදු ලියාපදිංචියක් නැතිව, අනුමැතියක් නොමැතිව ගෙන්වපු ඖෂධ නිසා මේ රටේ ජනතාව අද බෙහෙත් ගන්න බිය වෙලා තියෙනවා. ලෙඩක් හැදුණු විට ජනතාව යන්නේ රෝහලට. දැන් ඒක අමතක කරල මියගියත් කමක් නැහැ ගෙදර ඉන්න එක හොදයි කියන තත්වයට ජනතාව පත්වෙලා තියෙනවා. ඒ “නිසි කළමනාකාරිත්වය, අවංකභාවය, පිරිසිදුකම ගැන වගකීම පිළිබදව දුප්පත් අහිංසක මිනිසුන්ගේ ජීවිත පිළිබද කැක්කුමක් නැති ආණ්ඩුවක් හැටියට මේ අය වැඩ කරන නිසා.” බවද චන්දිම විරක්කොඩි මන්ත්‍රිවරයා සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles