විවිධ භාණ්ඩ සඳහා පනවා තිබෙන ආනයන සීමා ඉදිරියේ දී ලිහිල් වනු ඇති බවට මහ බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරනවා. විදෙස් පුවත් නාලිකාවකට අදහස් දක්වන ඔහු පවසන්නේ දැනටමත් බොහෝ භාණ්ඩ ආනයන සීමා ඉවත් කර ඇති බවයි.
එහෙත් මේ වසර තුළ වාහන ආනයනය කිරීමට පනවා ඇති තහනම කිසිසේත්ම ලිහිල් නොකරන බවත් එම යෝජනාව සලකා බැලීමට පවා සූදානම් නැති බවයි මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇත්තේ.
මේ සම්බන්ධයෙන් සලකා බැලීම මේ වසර අගදී සිදු කරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.