වික්ටෝරියාවෙන් දවසට ලීටර් මිලියන 3ක් වාෂ්ප වෙයි!

පවතින දැඩි වියළි කාලගුණ තත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයෙන් දිනකට ජලය ලීටර් මිලියන 3ක් වාෂ්ප වී යන බව එය භාර ප්‍රධාන ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය පවසනවා.

දැනට ජලාශයේ පිරී ඇති වර්ග කිලෝමීටර් 11ක ඇති මතුපිට මිලිමීටර් පහක් උසැති ජල ප්‍රමාණය දෛනිකව වාෂ්ප වන බවද ඔහු පෙන්වා දෙනවා.

වික්ටෝරියා ජලාශයේ මිලිමීටර් දෙකක් පමණ උසට පිරෙන ජල ප්‍රමාණයෙන් කොටසක් සාමාන්‍යයෙන් වාෂ්ප වී යන අතර පවතින වියළි කාලගුණ තත්ත්වයත් සමඟ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බව ස්ථාන භාර ඉංජිනේරුවරයා ප්‍රකාශ කළා. ජර්මනිය, ප්‍රංශය, කොරියාව, චීනය වැනි රටවල් ජලය මත පාවෙන සූර්ය පැනල සවි කිරීමෙන් වාෂ්ප වන ජල ප්‍රමාණය අවම කිරීමට කටයුතු කර ඇති බවත් අමතරව විදුලි ජනනය වීමක්ද සිදු වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. එසේ කිරීමෙන් ජලයේ සිටින මසුන්ට හිතකර පරිසරයක්ද නිර්මාණය වන බව ඔහු කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles