පොලිස් කාන්තාව නාන හැටි වීඩියෝ කරලා: කොස්තාපල් දැලේ

නුවරඑළිය ලිඳුල පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරිනියක් ස්නානය කරන ආකාරය හොර රහසේ රූගත කළේ යැයි කියන එම පොලීසියේම සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට පත් සැකකාර පොලිස් නිලධාරියා පෙරේදා (04) නුවරඑළිය අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඔහුව ලබන 09 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමටද නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු කළ බව සඳහන්.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරිනිය කළ පැමිණිල්ල විමර්ශනය කිරීමේදී හෙලි වූ තොරතුරු අනුව මෙම පොලිස් නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles