විජේදාස රාජපක්ෂ දොට්ට!

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සාමාජිකත්වය අහෝසි කිරීමේ යෝජනාව අද (24) එම පෙරමුණේ සමස්ත ලංකා කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

තම පක්ෂයේ සාමාජිකත්වය දරමින් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සහ සාමාජිකත්වය ලබා ගැනීම ඔහුට එරෙහිව එල්ලවන චෝදනාවයි.

කාරක සභා අනුමැතියෙන් පසු ඇමැතිවරයා සම්බන්ධ විනය පියවර ගැනීමට විනය කමිටුව වෙත බලය පැවරෙනු ඇති.

පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අහෝසි වන්නේ නම් ඇමැති විජයදාසගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයද අභියෝගයට ලක් වන බවයි තතු දත් ආරංචි මාර්ග පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles