ඉදිරි ජනාධිපතිවරණයේ දී අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
“දැහැමි රටක්, නිවහල් හෙටක්, හරිත දේශයක්, නවමු මාවතක් අපි සාක්ෂාත් කරගැනීම සඳහා කටයුතු කරගත යුතුව තිබෙනවා. එය මෙහෙයවීමෙහිලා මම පෙර ගමන්කරුවෙක් වීමට සුදානම්. භාරතයේ අශෝක අධිරාජ්‍යා විසින් ස්ථාපනය කරන ලද ටැම් ලිපියක සඳහන් වන ‘සවේ මුනිසා ප්‍රජා’ යන පාලි පාඨයෙන් කියැවෙන පරිදි රටක පාලකයා සිය රට වැසියන් දරුවන් සේ රැකබලා ගත යුතුය යන උතුම් ආදර්ශ පාඨයට ගරු කරමින් එය යථාර්ථයක් කිරීමට මා දරණ උත්සාහයට ඔබගේ පුර්ණ ආශිර්වාදය බලාපොරොත්තු වෙමි.” යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.