හමුදා පාලනය යටතේ පවතින උතුරේ භුමියක පිහිටි හින්දු කෝවිලක් අවුරුදු 30ට වැඩි කාලයකින් පසු වැඳපුදා ගැනිමේ අවස්ථාව දෙමළ ජනයාට හිමිව තිබෙනවා.
යාපනය, උතුරු වලිකාමම්, කට්ටුවාන් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී මුත්තුමාරිඅම්මන් හින්දු කෝවිල 1990 වසරේ දී යුද හමුදා පාලනය යටත්ව තිබෙන්නේ.
එම කෝවිලට පිවිසීමට යුද හමුදාව අවසර ලබා දීමෙන් පසු හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේස්වරන් ඇතුළු හින්දු බැතිමතුන් පිරිසක් සැප්තැම්බර් 22 දා කෝවිල වැඳපුදා ගෙන තිබෙනවා.
තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය දරන සමයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීම, ඔහු ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව ඉටු කිරීම නිසා මෙම අවස්ථාව හිමිවු බවයි එහි දී විජයකලා මහේස්වරන් හිටපු රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කර තිබෙන්නේ.
කෝවිලට යාමට බැතිමතුන්ට අවසර දී ඇතත්, එම භුමිය තවමත් මුදා හැර නැති අතර හිටපු ඇමැතිනී විජයකලා මහේස්වරන් වැඩි දුරටත් පවසා ඇත්තේ කෝවිල අයත් භුමිය කඩිනමින් නිදහස් කර දෙන බවට යුද හමුදාව පොරොන්දු වී ඇති බවයි.