බිංගිරිය , තිඹිරිවැව කහවල වත්ත ප්‍රදේශයේ ගම්මානයේ මහා පරිමාණ කුකුළු ගොවිපලකට එරෙහිව අද (15) පෙරවරුවේ ප්‍රදේශවාසීන් විරෝධයක් දැක්වුවා.
ඒ එම ස්ථානයේ ක්ශේත්‍ර පරීක්ෂණයක් සදහා රාජ්‍ය නිලධාරීන් පිරිසක් පැමිණි අවස්ථාවේදියි.
අක්කර තුනක් වැනි කුඩා ඉඩමක කුකුළන් 30000 ක් ඇතිකිරීමට එරෙහිව ජනතාව මෙම විරෝධය දක්වා තිබෙනවා.
මෙම වත්තට මීටර් 100 ක් ආසන්නයේ කුඹුරු අක්කර 40ක් පෝශණය කරන වැවක් තිබීම නිසා එම ජල පෝශක සියල්ල විනාශ වී යන බවද මෙහිදී අවධානය යොමු කෙරුණා.
ස්ථාන පරීක්ෂණයෙන් අනතුරුව වයඹ පරිසර අධිකාරිය කියා සිටියේ තත්වය සලකා බලා ඉක්මනින් තීන්දුවක් ලබාදීමට කටයුතු කරන බවයි.
මේ අවස්ථාවට බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය,පොලිසිය සහ ග්‍රාමනිළධාරී ඇතුළු පිරිසක් එක්ව සිටියා.