විමල් – දිලිත් සන්ධානගත වෙයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ සහ මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර නව දේශපාලන සන්ධානයක් ඇරඹීමට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වෙනවා. මේ සන්ධානයට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහගේ සහයද පළ වී ඇතැයි සඳහන්.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් තමන් පත්ව සිටින දේශපාලන අරාජිකභාවයට විසඳුම් සොයමින් සන්ධාන කිහිපයක් පිහිටුවීමට උත්සාහ දැරුවත් එය සාර්ථක වූයේ නැහැ. උත්තර ලංකා සභාගයේ සිටින ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, රතන හිමිගේ විජයධරණී ජාතික සභාව, පිවිතුරු හෙළ උරුමය මෙහි සමාජික වීමට සූදානම් බවත් පැවසෙනවා.

මෙයට පෙර සියලු මැතිවරණවලදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා ඇතුළු මෙම පිරිස ප්‍රධාන පක්ෂවලට එක් කර ගැනුණු අතර ඒ සන්ධාන තුළින් මැතිවරණවලට පැමිණ ජය ගන්නට ඔවුන්ට හැකි වුණා. කෙසේ වෙතත්, වර්තමානයේ කිසිදු ප්‍රධාන දේශපාලන ව්‍යාපාරයක් ඔවුන්ව තම දේශපාලන කඳවුරට එක් කර ගැනීමට අකමැතිවී තිබීම කැපී පෙනෙන ලකුණක් බවයි විශ්ලේෂකයන් පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles