විමල්ගේ අලුත් ම මන්ත්‍රීත් නව සන්ධානයට!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා නව සන්ධාන කණ්ඩායම විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවැන්න ඊයේ (29) මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය නගරයේදී පැවැත්වුණා.

මෙය සංවිධානය කර තිබුණේ, විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර විසින්.

එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මඩකලපු මන්ත්‍රී මෑතකදී රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාගත් එස්. වියාලේන්ද්‍රන් නව සන්ධානය සමඟ එක් වීමයි. ජගත් ප්‍රියංකර විමල් වීරවංශගේ පක්ෂයෙන් මෑතකදී පාර්ලිමේන්තු පිවිසියේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ මිය යෑමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයටයි.

ආර්ථිකය හා රට නිවැරදි දිශානතියකට ගෙන යා හැකි බලවේගය ශ්‍රිලනිපය හා නව සන්ධානය බැවින් ප්‍රගතිශීලි ජනතාව, දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන දිනෙන් දින සන්ධානය වටා ඒකරාශී වෙමින් සිටින බවත් ඉදිරියේදී දැවැන්තම සන්ධානය ගොඩ නඟන බවත් එම සන්ධාන නායකයින් ප්‍රකාශ කරනවා.

මෙකී රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, එස්.වියාලේන්ද්‍රන්, ජගත් ප්‍රියංකර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, නව සන්ධානයට සහය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියා.

1 COMMENT

  1. මේ සෙට් එක වැඳගෙන පන්සිල් ගන්නව දකිද්දි හිනා යනවා. නැවත බුදු කෙනෙක් පහල වුණානං ඒ බුදුන්වත් අන්දන සයිස් එකේ පොරවල්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles