බුදු දහමට නිගා කළැයි ඇල්ලූ “විශ්ව බුද්ධ” යළි රිමාන්ඩ්

ටික් ටොක් වීඩියෝ අන්තර්ජාලයට මුදා හරිමින් බුදු දහමට අපහාස කළ බවට පවසා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රත්නපුරේ විමලබුද්ධි හිමිට අදාළ නඩුව ඊයේ (2) කැඳවනු ලැබුවා.

සැකකරු බන්ධනාගාර රෝහලට ඉදිරිපත් කර ඇත්තේ මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට යි.

සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ආගම් අතර වෛරක් ඇතිවෙන පරිදි අයි.සී.සී.පී.ආර්. පණත යටතේ වරදක් කර නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම අධිකරණයට කරුණු දැක්වූවා.

ඉදිරිපත් කර ඇති බී වාර්තාව සම්පූර්ණ දෝෂ සහිත බැවින් සැකකරුට ඇප ලබා දෙන ලෙසයි ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

යම් ප්‍රකාශයක් කළ පමණින් කිසියම් අයෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම පොලිසියේ කාර්යභාරය නොවිය යුතු බව නීතිඥවරයා කියා සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ අන්තර්ජාතික සිවිල් අයිතිවාසිකම් සම්මුති පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරු අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හා පැමිණිලි තිබුණු බැවින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවයි.

සැකකරුගේ එක් බැංකු ගිණුමක ලක්ෂ 25ක් සහ තවත් එකක ලක්ෂ 8ක් තිබු බවත් රත්නපුර සාමාන්‍ය පවුලක සිට පැමිණි මොහුට එසේ මුදල් ලැබීම සැක සහිත බවත් බුදු දහමට නිගා කිරීම පිණිස යම් කිසි කල්ලි විසින් මොහුට මුදල් ලබා දෙන බවට සැක කරන බවත් සී.අයි.ඩීය අධිකරණයට පැවසුවා.

සැප වාහන වල යමින් කාන්තාවන් ඇසුරු කරමින් බුදුදහමට නිගාවන ආකාරයේ වීඩියෝ දිගින් දිගටම සැකකරුව විසින් අන්තර්ජාලයට මුදා හැරී හැර ඇති බවද ඔවුන් අධිකරණය ඉදිරියේ පවසා සිටියා.

කෙසේ වෙතත්, විත්තියේ නීතිඥ කුමරප්පෙරුම පැවසුවේ, අධිකරණ සංඝනායකවරයෙකු ප්‍රකාශ කළ යුතු කරුණු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොලිසියට ඉදිරිපත් කරණ බවයි. බී වාර්තාව සම්පූර්ණයෙන් වැරදි බැවින් ඇප ලබා දෙන ලෙසයි ඔහු අධිකරණයෙන් නැවත ඉල්ලා සිටියේ.

සැකකරුට ඇප ලබා දිය හැකි ද නොහැකි ද යන නියෝගය ජනවාරි 9 වැනි දින ලබා දෙන බව ප්‍රකාශ කළ අධිකරණය එදින දක්වා චූදිත හිමි නම තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles