බුදු දහමට නිගා වන අයුරින් අන්තර්ජාලයේ වීඩියෝ පළ කරන ලදැයි අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් වූ රත්නපුරේ විමලබුද්ධි හෙවත් විශ්වබුද්ධ යන අය නැවතත් බුදුදහමට නිගා වන වීඩියෝ පළ කිරීම ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දක්වමින් පවසා තිබෙනවා.
ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ජනවාරි 24 වැනි දින නැවත එම එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
සැකකාර හිමිනම රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 9 වැනි දා නියෝග කරනු ලැබුවා.
සැකකරුගේ ප්‍රකාශයට අනුව 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතේ 3(01) වගන්තිට ගැනෙන වරදක් නොවන බවට නිගමනය කරමින් ඇප ලබාදීම සිදු කළ ද ආගමට අපහාසයක් කිරීම සම්බන්ධයෙන් දණ්ඩන නීති සංග්‍රහයේ 290 හා298 වගන්ති යටතේ ගැනෙන වැරදි සම්බන්ධයෙන් නඩුව පවරා පවත්වාගෙන යෑමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හැකියාවක් ඇති බවට හා එසේ විමර්ශනය කිරීමට බාධාවක් නොවන බව ද මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය නිකුත් කරමින් දන්වා තිබුණා.