2024 මහ මැතිවරණ ඡන්ද විමසීම ඇරඹේ

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී පස්වරු 4.00 දක්වා ඡන්ද විමසීම පැවැත්වෙනවා.

ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සදහා ඡන්දදායකයින් එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ හතලිස් දහස් තුන්සිය පනස් හතර දෙනෙකු ලියාපදිංචි වී තිබෙන බවයි මැතිවරණ කොමිසම වාර්තා කරන්නේ.

මැතිවරණ දිස්ත්‍රික්ක 22 අතරින් වැඩිම ඡන්ද දායකයින් සහිත දිස්ත්‍රික්කය බවට ගම්පහ දිස්ත්‍රික්කය පත්ව ඇති අතර එම දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව දහ අට ලක්ෂ අසූ එක් දහස් නවසිය විසි එක් දෙනෙකු බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරනවා.

අඩුම ඡන්ද දායකයින් සංඛ්‍යාවක් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් ලියාපදිංචි වී ඇති අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ හයදහස් අසූ එකක් වේ.

මේ අතර ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 2034 කදී ඡන්ද ගණන් කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිතයි.

ඒ අනුව පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය මධ්‍යම රාත්‍රියට පෙර ලබාදීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles