වලවේ ගඟත් සැර පෙන්වයි: පහත් බිම් යටවෙයි

පවතින අධික වර්ෂාව නිසා වලවේ ගඟ උතුරා යෑමට පටන් ගැනීම හේතුවෙන් අම්බලන්තොට ප්‍රදේශයේ ගම් රැසක පහත්බිම් යට වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

බෝලාන දකුණ, මැලේ කොළණිය, වැටිය, පල්ලේරොට, මාමඩල, ජංසගම, වාඳුරුප්ප, ලියන්ගස්තොට, ඇතුළු පහත්බිම් පිහිටි ගම් රැසක ජනතාව ගඟ පිට ආර ගැලීමෙන් පීඩාවට පත්ව ඇති අතර අම්බලන්තොට ථෙරපුත්ත ප්‍රාථමික විදුහල වසා දමා තිබෙනවා.

ගංවතුර තර්ජනය අම්බලන්තොට රජයේ රෝහලටද බලපා ඇති බවයි දැනගැනීමට ඇත්තේ. උඩවලවල ජලාශයේ ජල මට්ටම වේගයෙන් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ. ඒ්‍ නිසා වලව ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles