අඩු ආදායම්ලාභීන්ට බෙදන්න ගෙනා කුණු සහල් PHI භාරයට

මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 30,000ක් ගලෙන්බිඳුණු වැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වටලා තිබෙනවා.

රජයේ සහනාධාර වැඩපිළිවෙල යටතේ ඊයේ (14) අඩුආදායම්ලාභීන්ට බෙදාදීම සඳහා රැගෙන ගිය සහල් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවා.

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් දෙකක ජනතාවට මේවා බෙදාදීමට සූදානමින් සිට ඇති බවයි වාර්තා වෙන්නේ.

සහල් තොගය රැගෙන ආ ලොරි රථයේ රියදුරුවද අත්අඩංගුවට ගෙන තිබුණා.

ගලෙන්බිඳුනවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට සහල් රැගෙන ඒමෙන් පසු බෙදා හැරීමට පෙර ප්‍රමිතිය සොයා බලන ලෙස ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ගලෙන්බිඳුණවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ට දන්වා තිබෙනවා.

ඒ අනුව සිදුකළ පරීක්ෂාවේදී මෙම සහල් තොගය මිනිස් පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගත් බවයි සඳහන් වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles