ප්‍රධාන ගංගාවල ජල මට්ටම් පහළ බසී

කැලණි ගඟ, කළු ගඟ සහ අත්තනගලු ඔයේ ගංවතුර අවදානම් තත්ත්වය මේ වන විට ක්‍රමයෙන් පහව යමින් තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ගංවතුරේ බලපෑම් එල්ල වූ ගම්පහ, ජාඇළ, වත්තල, මිනුවන්ගොඩ, කටාන යන ප්‍රදේශවල ජල මට්ටම අද දිනයේ ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද එම දෙපාර්තමේන්තුව කියා සිටිනවා.

මේ අතර කැලණි ගංගා ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වන කඩුවෙල, බියගම, කොළොන්නාව, වත්තල හා කොළඹ යන ප්‍රදේශවල ජල මට්ටමට මේ වනවිට ක්‍රමයෙන් පහළ බසින බවද සඳහන්.

කෙසේවෙතත් නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් පවතින බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles