මෝටර් රථ අනතුරක් නිසා ප්‍රදේශ කිහිපයක ජල සැපයීම නවතී

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නලයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට යළි දැනුම් දෙනතුරු ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.

ඒ අනුව ගොඩගම, හෝමගම, පන්නිපිටිය, රක්මල්ගම, පැලැන්වත්ත සහ මත්තෙගොඩ යන ප්‍රදේශ වල ලක්ෂයකට අධික නිවාස ඒකක සඳහා මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි සඳහන් වෙන්නේ.

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්දිය ආසන්න ප්‍රදේශයක දී මෝටර් රථයක් ජල නලයක වැදී අනතුරට ලක් වීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදු වී තිබෙනවා.

අද (17) අලුයම සිට අදාළ අනතුර සිදුවු ස්ථානයේ ජල නලයෙන් විශාල ජල කඳක් ඉහළට විසිකරමින් පැවති අතර ජලයේ වේගය හේතුවෙන් එම ස්ථානය අසල ඇති විදුලි කණුවක් ද මාර්ගයට කඩා වැටී ඇතැයි සඳහන්.

මේ අතර අනතුරට පත් මෝටර් රථයේ ගමන් කරමින් සිටි සිව් දෙනා සුළු තුවාල ලබා හෝමගම මුලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles