ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තරය පිළිගන්නේ නැහැ

ශ්‍රී ලංකාවේ ණයවර ලිපි ජාත්‍යන්තර වශයෙන් පිළිනොගන්නා තත්වයකට පත්ව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කරනවා.

මෙම නිසා පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේදී ණයවර ලිපි පිළිබඳ ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී තිබෙන බවත් ඒ සඳහා කඩිනම් විසඳුම් මේ වනවිට සොයමින් සිටින බවත් ඔහු පවසනවා.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ගත් විවිධ ක්‍රියාමාර්ග නිසා මෙම තත්වය මතුව තිබුණ ද ශ්‍රී ලංකාවේ ණයවර ලිපි පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ඇති පිළිගැනීම සම්බන්ධ ගැටලුව නිරාකරණය කිරීම සඳහා කඩිනමින් කටයුතු කරන බවයි සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles