තාත්තගෙන් පුතාට යන දේශපාලනය අපි ළඟ නෑ: සජිත් ප්‍රේමදාස

විවිධ හේතු මත පිල් මාරු කිරීම් සිදුවුවත් තමා විවිධ පාර්ශ්ව සමග ගිවිසුම් ඇති කරගන්නේ ජනතාවට සේවය කිරීමේ පොරොන්දුව මත පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වරප්‍රසාද සහ වරදාන සඳහා තමා සමඟ ඩීල් ගැසිය නොහැකි බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

සමගි ජනබලවේගය යනු තාත්තාගෙන් පුතාට යන දේශපාලන ගමනක් නොවන බවත් පවුල් දේශපාලනය තම පක්ෂය තුළ නොමැති බවත් පවසන විපක්ෂ නායකවරයා පවුල් දේශපාලනය නිසා රටට වුණ හානිය දන්නා බැවින් පවුලේ සාමාජිකයන් දේශපාලනයට සම්බන්ධ කරනොගන්නා බව අවධාරණය කළා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (16) සමගි ජනබලවේගය සමග එක්වූ ශ්‍රීලනිප හෝමාගම සංවිධායක ගාමිණී තිලකසිරිගේ නිවසේදී පැවති ජනහමුවකදීයි.

1 COMMENT

  1. සජිත්ගේ තාත්තා හිටපු දිවංගත ජනාධිපති ප්‍රේමදාස නෙවෙයිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles