No menu items!
No menu items!

ජාතිවාදයට අපෙන් ඉඩක් නැහැ : ජාජබ නායක අනුර

තම ආණ්ඩුවක් යටතේ රට තුළ ජාතිවාදය ඇති කිරීමට ඉඩක් නොමැති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

පසුගිය රජයන් විසින් ජාතිවාදය අවුස්සා සිය දේශපාලන උවමනාවක් ඉටුකරගැනීමට කටයුතු කළ බවයි ඔහු පෙන්වා දෙන්නේ.

කින්නියා ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු

“ජාතිවාදය කියන්නේ, එක් ජාතිවාදයක් විසින් අනෙක් ජාතිවාදීන්ව පෝෂණය කරනවා. ඒ නිසා අපේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනයා අතර ජාතිවාදය නොවුණාට අපේ රටේ දේශපාලනය ජාතිවාදී දේශපාලනයක්. ඒ නිසා පහුගිය කාලය පුරාවටම ආණ්ඩු හැදුනේ ජාතිවාදය තමා ප්‍රධාන සටන් පාඨය. එහෙම නෙමෙයි ද? ඒ නිසා මොකද්ද වෙලා තියෙන්නේ.”

“ජාතිවාදය විසින් ආණ්ඩු හදපුවාහම ජාතිවාදි වැඩ තමයි කරන්න වෙන්නේ. ලංකාවේ අපි දැන් ආණ්ඩුවක් හදන්න ඕනේ ජාතිවාදයට යටත් නොවන, ජාතිවාදය න්‍යායපත්‍රය බවට පත් නොකර ගත්තු ආණ්ඩුවක් හැදිය යුතුය. ඉතිහාසයේ කොයි වෙලාවකවත් ජාතිවාදයට වැටුණේ නැති. තමන්ගේ දේශපාලනයට ජාතිවාදය පාවිච්චි කරපු නැති එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි.”

“ඒ නිසා මේ රටේ ජාතිවාදයට එරෙහිව ජාතික සමගිය පිළිබඳ ආණ්ඩුවක් ඕනේ නම් කතිරය ගහන්න ඕනේ ජාතික ජන බලවේගයට විතරයි. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් කොතැනකවත් වේදිකාවකවත් ජාතිවාදී ප්‍රකාශයක්වත් කරන්න ඉඩදෙන්නේ නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles