ජාතික ජනබලවේගයේ විධායක සභිකයන් පිරිසක් සහ රුසියානු තානාපති කාර්යාල ප්‍රධානීන් අතර හමුවක් අද (13) දින සිදුව තිබෙනවා.
එම හමුව වෙනුවෙන් ජාතික ජනබලවේගයේ විධායක කමිටු සාමාජිකයන් වන ආචාර්ය අනිල් ජයන්ත, චමින්ද ජයසූරිය සහ මුදිත නානායක්කාර සහභාගිව තිබෙනවා. රුසියානු තානාපති කාර්යාලය වෙනුවෙන් නියෝජ්‍ය තානාපති ඇලෙක්සැන්දර් ද්යාගිලෙව් ඇතුළු පිරිසක් සම්බන්ධ වුණා.
එහිදී දෙරටේ සහයෝගය, වර්තමාන දේශපාලන තත්වය සහ ඉදිරි මැතිවරණයන් ගැන සාකච්ඡා සිදු වූ බව ජාජබ මාධ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරනවා.
ජාතික ජනබලවේගය ජනතාව අතර ජනප්‍රිය බව තමන් දකින බවයි එහිදී මෙරට රුසියානු බලධාරීන් පවසා ඇත්තේ. ජාජබ නායක අනුරගේ ඉන්දීය සංචාරය ද ඔවුන්ගේ පැසසුමට ලක් ව තිබුණා. කෙසේ වෙතත්, මෙරට බලශක්ති ක්ෂේත්රයට, සංචාරක ක්ෂේත්රයට සහ තේ අපනයනයට රුසියාව උපකාර කිරීමට ඉතා කැමැත්තෙන් සිටින බවයි පවසා ඇත්තේ.
දූෂණය නැති ආණ්ඩු සහ පුද්ගලයන් සමඟ කටයුතු කිරීමට රුසියානුවන්ගේ ඇති කැමැත්ත ඔවුන් එහිදී අවධාරණය කළ බවයි ආරංචි මාර්ග පවසා සිටියේ.