පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දෙනියාය කලාපයේ පාසල් අද (23) වසා දැමෙන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් පවසනවා.
යම් පමණකට අඩු වී තිබුණු වර්ෂාව නැවතත් සක්‍රීය වී තිබෙන අතර මාතර නිල්වලා ගඟේ මිටියාවත් පෙදෙස්වලට සුළු ගං වතුර තත්වයක් ඊයේ නිවේදනය කර තිබුණා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ වැසි තත්වය තවත් ඉදිරියට පවතිනු ඇති බවයි.