බෙංගාල බොක්ක ගිනිකොණ දිග මුහුදු ප්‍රදේශයෙන් පසුගිය දා වර්ධනය වූ අවපීඩන තත්වය තවදුරටත් පවතින බැවින් දිවයින පුරා වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
උතුරු සහ උතුරුමැදත් නැගෙනහිර පළාතේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්,
නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව, මුලතිව් දිස්ත්‍රික්කවල මි.මී. 100ට වැඩි දැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බවත්,
බස්නාහිර සහ සබරගමුව පළත්වල සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවලට මි.මී.75 තද වැසි ඇති විය හැකි බවත්,
දකුණු පළාතේ වැසි උදෑසන ඇති විය හැකි බවත් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටිනවා.