සමස්තයක් ලෙස දිවයිනේ බොහෝ ප්‍රදේශවට වියළි කාලගුණ තත්වයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ.
කෙසේ වෙතත්, බස්නාහිර-සබරගමුව දෙපළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන කිහිපයක තද වැසි ඇති විය හැකි බව එම අනාවැකිය තවදුරටත් පවසනවා.
සුළං තත්වය බලපානු ඇත්තේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ය. එහි වේගය පැයට කිලෝමීටර් 40-50 වනු ඇත.
අකුණු තත්වය නිසා සිදුවන අනතුරු ගැන අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.