හොර ලී ලොරිය ඉල්ලා පොලිසියට පාට් දැමූ වැලිගම පොහොට්ටු සභාපති රිමාන්ඩ්!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර දයාබැට්ටගේ ජුනි 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ බලපත්‍රය නොමැතිව දැව ප්‍රවාහනය කළ ලී තොගයක් සහිත ලොරියක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබියදී එය මුදා ගැනීමට කළ බලපෑම් හේතුවෙන්.

පසුගිය මස 25 වැනි දා මෙම හිටපු සභාපතිවරයාගේ හිතවතෙකු හා ඥාතියෙකු මෙලෙස අනවසර දැව ප්‍රවාහනයක යෙදී සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුව එම සැකකරුවන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබා ගනිද්දී, එහි පැමිණි සැකකරු, “උඹලා කොහොමද මගේ මිනිස්සුන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නේ” යනුවෙන් බැණ වැදී පොලිස් රාජකාරියට බාධා කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් රාජකාරියට බාධා කළ මෙම පුද්ගලයා වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා කළ නියෝගයකට අනුව සති දෙකකට ආසන්න කාලයක් පොලිසියෙන් කට්ටි පනිමින් සිටි සැකකාර හිටපු සභාපතිවරයා ඊයේ (11) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles