බස්නාහිර ආදායම් බලපත්‍ර කවුළු දින දෙකක් වැහෙයි

ඉදිරි මහ මැතිවරණය හේතුවෙන් බස්නාහිර පළාතේ සියලුම ආදායම් බලපත්‍ර නිකුත් කරන කවුලු දින දෙකක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එලැඹෙන 13 සහ 14 දෙදින එම කවුළු වසා තැබීමට පියවර ගන්නා බවයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් එස්. එල්. ධම්මිකා කේ විජයසිංහ පවසා සිටියේ.

නිවේදනයක් නිකුත් කරමින් ඇය පැවසුවේ මහ මැතිවරණයෙන් පසු රාජකාරි අරඹන පළමු දිනයේදී දඩ මුදල් අය කිරීමකින් තොර අදාළ බලපත්‍ර ගාස්තුව ගෙවා ආදායම් බලපත්‍රය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles