පලස්තීනුවන් වෙනුවෙන් අමෙරිකාව කරන්න යන දේ

ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අමෙරිකානු ජනපති ජෝ බයිඩන් ගාසා තීරයේ කොටු වී සිටින පලස්තීනුවන් වෙනුවෙන් මානුෂික ආධාර යැවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව හෙට (20) වනවිට එම ආධාර යැවීමට හැකි වෙතැයි අමෙරිකාව පවසනවා.

එසේම ජාත්‍යන්තර මාධ්‍යය පවසන්නේ, ඊජිප්තු බලධාරීන් ‘රෆා’ පිවිසුම විවෘත කිරීමට එකඟ වූ බවයි.

මීට දින 13කට පමණ පෙර හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ ජනපද කිහිපයකට පහර දුන් අතර, එහි දී විශාල පිරිසක් ඝාතනය කර තිබුණා. අනතුරුව ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඇරඹුවා.

මේ වනවිට දෙපාර්ශවයේ 5,000ට අධික පිරිසක් මියගොස් තිබෙන අතර හමාස් සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස 200ක පමණ පිරිසක් රඳවා ගෙන සිටින බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles