ඉන්දීය සංචාරයෙන් පසු ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස අද දිවයිනට පැමිණියා. අනුරගේ මෙම ඉන්දීය සංචාරය මෙරට බොහෝ කතාබහට ලක් වූ අතර ඔහු ලංකාවට පැමිණි පසු මාධ්‍ය වෙත කෙටි අදහස් දැක්වීමක් සිදු කළා.
එහිදී ඔහු කියා සිටියේ කවදා ඉන්දියාවට ගියත්, මෙසේ හදිසියේ ගිය බව කියනු ඇති බවයි.
රටක සංචාරය කිරීම තමන්ගේ දේශපාලන හෝ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමට හේතුවක් නොවන බව එහිදී ඔහු අවධාරණය කළා.
එහෙත් කලාපයේ සීඝ්‍රයෙන් වර්ධනය වන රටක් ලෙස ඉන්දියාවෙන්, අපේ රටේ න්‍යායපත්‍රයකට අනුකූලව විශාල සහයක් ලබා ගත හැකි බවයි අනුර දිසානායක පවසන්නේ.