IMF නියෝජිතයන් කරන්න යන දේ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අද (14) දිවයිනට පැමිණෙනවා. ඒ එම වැඩපිළිවෙළේ ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.ඔවුන් සැප්තැම්බර් 24 වැනිදා දක්වා පාර්ශ්ව රැසක් සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට ශ්‍රී ලංකාව ඇතුළත් වීමෙන් පසු දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට ශ්‍රී ලංකා රජය මේ වසර ආරම්භයේ දී ඇතුලත් වුණා.

ඉන් පසුව ශ්‍රී ලංකාව සංවර්ධන බැඳුම්කරවලට අදාළ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වී ඇතැයි රජය නිවේදනය කර තිබෙනවා.

එසේම භාණ්ඩාගාර බැඳුම්කර නව බැඳුම්කරවලට හුවමාරු කිරීමේ ආරාධනය ද බැඳුම්කර හිමියන් පිළිගෙන ඇති බව ද මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

දැනට නිකුත් කර ඇති භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට තිස් හතක් හෙවත් රුපියල් ට්‍රිලියන 3.2ක් වටිනා බැඳුම්කර හුවමාරු කිරීම මෙලෙස පිළිගෙන ඇති අතර, එය විශ්‍රාමික අරමුදල් සතු ව පවතින, හුවමාරුව සඳහා සුදුසුකම් ලත් බැඳුම්කරවලින් 84%ක් නියෝජනය කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles