කිඹුලාවල Food Street එකට වෙන්න යන දේ!

තලවතුගොඩ – කිඹුලාවල ක්‍රියාත්මක වන ආහාර වීදිය (Food Street) හෙට (8) වන විට ඉවත් කරන්නැයි මාර්ග සංවර්ධන අධිකාරිය එහි වෙළඳාම් කරන පිරිසට දන්වා ඇතැයි වාර්තා වෙනවා. මෙම වෙළඳසැල් හිමියන් මේ ගැන මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

මෙලෙස වෙළෙඳසැල් ඉවත් කරගන්නා ලෙස දැනුම් දී ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් විධායක ඉංජිනේරුවරයාගේ අත්සනින් යුත් ලිපියකින් බවයි ඔවුන් පවසා සිටියේ.

මෙලෙස සිය වෙළෙඳසැල් ඉවත් කර ගැනීමට සූදානම් නැති බවත්, එසේ කළ විට සිය ජීවනෝපාය අහිමි වන බවත් වෙළඳ පිරිස පවසනවා.

වීදි ආහාරවල ස්වභාවය මෙය බවත්, තමන් ඉතාම පිරිසිදුව ආහාර පිළියෙල කරන බවත් කිඹුලාවල ස්ට්‍රීට් ෆුඩ් වෙළෙඳසැල් සංගමය කියා සිටිනවා. විදේශිකයන් මෙහි පැමිණෙන බවත්, කිසිම හේතුවකින් තොරව මෙලෙස තමන්ට ඉවත් වෙන්නට දැනුම්දෙන බවත් ඔවුන් වැඩිදුරටත් පැවසුවා.

සංචාරක ව්‍යාපාරය ගැන කතා කරන ජනපති මේ ගැන ඇස් ඇර නොබලන බවයි වෙළෙඳ සංගමය එහිදී පෙන්වා දුන්නේ.

මෙම වෙළෙඳසැල් ඉවත් කිරීමට තීරණය කරන්නේ නම් තමන් දිවි පරදුවට තබා එයට විරුද්ධව සටන් කරන බවයි වෙළෙඳ සංගමය පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles