පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින මෙතෙක් ස්ථිර කර නොමැති සේවකයින් 8400ක්, කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.
“පළාත් සභා යටතේ ඇති පළාත් පාලන ආයතනවල සිටින ස්ථිර නොකරන ලද සේවකයින් 8400ක් කැබිනට් අනුමැතිය ලැබුණු වහාම රජයේ ස්ථිර සේවයට බදවා ගැනීමට කටයුතු කරනවා. ඔවුන් වසර 15ක හෝ ඊට ආසන්න කාලයක් සේවයේ නියුතු පුද්ගලයින් වනවා. පළාත් සභාවලට සේවකයින් 10,000ක පුරප්පාඩුවක් තිබුණා. ඉන් 6000කට වැඩි පිරිසක් බහුකාර්ය සේවකයින් ලෙස ලබා දී තිබෙනවා. මේ මස 10 වන දින වනවිට ඉතිරි පුරප්පාඩු සඳහා එම බහුකාර්ය සංවර්ධන නිළධාරීන්ගෙන් ආවරණය කිරීමට කටයුතු කරන” යනුවෙන් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.