මොනවද මේ බාල බෙහෙත්?

ඖෂධයක ඇත්තේ ප්‍රධාන රසායනික සංඝටක තුනකි.

  1. ක්‍රියාකාරී සංඝටකය – රෝගය සුව වීම සිදු කෙරේ.
  2. කල් තබා ගැනීමට, ශරීරයට එක්වීමට, පෙති ලෙස නිෂ්පාදනය කිරීමට යොදන සංඝටක
  3. ඉහත ක්‍රියාවලි දෙකේ දී අපද්‍රව්‍ය ලෙස එකතුවන සංඝටක

යම් කිසි ඖෂධයක් බාල එක්ක ලෙස හැඳින්වෙන්නේ, රසායනික පිරිසිදුකම නොතකා ලාබය පමණක් අරමුණු කරගෙන නිෂ්පාදනය වන ඖෂධයි.

බොහෝ විට ඉන්දියාවේ, බංග්ලාදේශයේ හෝ පාකිස්ථානයේ මෙවැනි ලාබ ඖෂධ නිෂ්පාදනය කරනු ලැබේ. ගෘහ කර්මාන්තයක් ලෙස ද මෙවැනි රටවල ඖෂධ නිෂ්පාදනය කරන බව කියැවේ.

ඖෂධයට අත්‍යාවශ්‍ය පළමු කාණ්ඩ දෙකේ සංඝටකවලට අමතරව තෙවනුව කී අපද්‍රව්‍යවල රසායනික අණු බොහොමයක් අඩංගු වන අතර එන්නත් හරහා උක්ත බෙහෙත් ලබා දුන් විට අසාත්මිකතාවන් වැඩි වන බව අමුතුවෙන් කිවයුතු නැත.

නියමිත පර්යේෂණ තත්ව යටතේ විද්‍යාගාරවල නිෂ්පාදනය කරන ඖෂධවල අපද්‍රව්‍ය අණු ප්‍රතිශතය ඉතා අවම අතර ප්‍රමිතියෙන් තොරව ලාබ අරමුණු කරගෙන තැන් තැන්වල නිෂ්පාදනය කරන ඖෂධවල අපද්‍රව්‍ය අණු විශාල වශයෙන් අඩංගු ය.

බාල බෙහෙත් යනුවෙන් හඳුන්වන්නේ ඒවා ය. දියුණු ප්‍රමිතීන්ට අනුව පර්යේෂණාගාරවල නිෂ්පාදනය කරන බෙහෙත් වෙනුවට ලාබ සහ කොමිස් අරමුණු කරගෙන බාල ඖෂධ මිලට ගැනීමෙන් ඖෂධ නිසා සිදුවන මරණ වැඩිවීම පුදුමයක් නොවේ.

(විශේෂඥ වෛද්‍ය ලක්ෂාන් අබේනායකගේ සටහනක් ඇසුරෙනි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles