අමන අශිෂ්ට රියදුරන්ට දිය යුතු කුමන දඬුවමක් ද? (වීඩියෝ)

රියදුරු බලපත් සහිතව රිය පැදවූවද මිනිසුන් ලෙස නොව තිරිසනුන්ට අන්ත ලෙස මහාමාර්ගයේ ගමන් ගන්නා රියදුරන් නිසා අහිමි වී යන ජීවිත ප්‍රමාණය දහස් ගණනක්. විශේෂයන් තරඟකාරී ලෙස “කෑලි“ ගාණට මිනිසුන් ගෙන යන පෞද්ගලික බස් කෙරෙහි වන ජනතා විවේචනයට දැන් දසක ගණනක් ගත වී තිබෙනවා.

පසුගිය 9 වැනි සෙනසුරාදා දින උදෑසන 11.30ට පමණ ඇල්ල වැල්ලවාය මාර්ගයේ, රාවණා ඇල්ල උමා ඔය ව්‍යාපෘතිය ආසන්නයේ, 8 කණුව කරඳගොල්ල ප්‍රදේශයේදී මාකුඹුර-බදුල්ල දක්වා ධාවනය වූ සුඛෝපභෝගී බසයක්, අශිෂ්ට රියදුරෙක් නිසා මහා විනාශයකට මුහුණ දුන්නා. වෙනත් මගී බස් රථයක් වැරදි ලෙස ඉස්සර කිරීමට වේගයෙන් පැමිණ මුහුණට මුහුණ හැපීමට ආසන්න වූ අතර සුඛෝපභෝගී බසයේ රියදුරා මහත් වෑයමෙන් බසය පාරෙන් ඉවතට පන්නාගෙන සිදුවීමට ගිය දරුණුම ගණයේ අනතුර වළක්වා ගත්තා.

කෙසේ හෝ සුඛෝපභෝගී බසයේ රියදුරා ඉතා පරීක්ෂාකාරීව සහ නැණවත්ව කටයුතු කිරීම හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගියා.

මෙවැනි අතිශය අමන ලෙස රිය පදවන රියදුරන්ට දිය යුතු කුමන දඬුමක්දැයි ජනතාව ප්‍රශ්න කර සිටිනවා.

එම සිදුවීමට අදාළ වීඩියෝව Accident prevention 1st ෆේස්බුක් පිටුවේ පළ කර ඇති අතර එය පහත සබැඳියේ දැක්වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles