ෂුගර් ඩැඩී කතාව ගැන ශලනි විවෘතව ම කිව්ව දේ

රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රියම තලයේ ඉන්න රංගන ශිල්පිනියන් දහ දෙනෙක් ගත්තොත් ඒ අතරිනුත් ඉහළින් ම ඉන්න රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. ඈ සතු මනබඳනා රුවත් රංගන හැකියාවත් යන දෙකම ඒ ජනප්‍රියත්වයට හේතු වෙන්න ඇති කියලා අපිට හිතෙනවා.

ඒ ජනප්‍රිය බව නිසා ම දෝ ශලනිගේ වෘත්තිය ජීවිතයට වඩා පුද්ගලික ජීවිතය කට කතාවලට හසු වෙනව වැඩියි කියන එක පේන්න තියෙන දෙයක් .

ඒ අතරින් ආසන්නතම සිදුවීම තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය සහ එහි පුද්ගලයෙක් සම්බන්ධ ආන්දෝලනාත්මක කතාවක් ඇති වීම. ඒ ඇගේ විවාහයට ඔන්න මෙන්න තියෙද්දි.

ඒ වෙලාවෙ ඒ ගැන බොහොම නිහඬ පිළිවෙතක හිටිය ශලනි විවාහයෙන් පස්සේ ඒ ගැන කතා කරන්න පටන් අරන්.

“පහුගිය කාලයේ මට අසික්කිත චෝදනා පවා එල්ල වුණා. එහෙම දේවල් මිනිස්සුන්ට කියන්න පුළුවන්. හැබැයි ඒ දේවල් වැඩක් වෙන්නේ මට සහ මගේ පවුලේ අයට. මගේ සැමියාට වැඩක් නැත්නම් ඒක, මම ඒ පුද්ගලයන් එක්ක කොහොමද ගනුදෙනු කළේ සහ ඒ කාල සීමාවේදී මම හිටියේ කොහෙද මම කාවද ආශ්‍රය කළේ කියලා හැම මොහොතෙම එයා දැනගෙන හිටියා නම් මං හිතන්නේ නෑ අනිත් අය කියන දේවල් මට වැඩක් තියෙනවා කියලා .

එකම ගැටලුව වුණේ මගේ විවාහයට සති තුනක් විතර තියල තමයි ඔය ප්‍රශ්නය ඇති කළේ. ඒකත් මම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැනගත්ත විදිහට විවාහය කඩාකප්පල් කරන්නම සිද්ධ වෙච්ච දෙයක්. ඒ තරම් නයි අපි අතර ඉන්නවා. අපිත් එක්ක එකට කාලා බීලා අනිත් පැත්තට ගිහිල්ලා තව කෙනෙක්ගේ ජීවිතය විනාශ කරන්න උත්සාහ කරන අය ඉන්නවා. හැබැයි ඉතින් ඒවා අර බුද්ධ ධර්මයෙ තියෙන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය කියල දෙයක්. ඒ වගෙන් ගැලවෙන්න බැහැ. ඒවා තමන්ගේ දරුවෙක්ගේ පිටින් හරි යනවා.

මට ඒ දේවල්වලින් ඇත්තටම කිසිම බලපෑමක් වුණේ නැහැ. මම කරන්න හිටපු කිසිම දෙයක් මම වෙනස් කරගත්තෙත් නැහැ. ඕනෙම ගෑනු ළමයෙක්ගේ ඩ්‍රීම් එකක්නෙ ලස්සන විවාහයක් කියන එක. මම ඩ්‍රීම් කරපු විදිහටම මම මගේ විවාහය ගත්තා. හිතපු විදිහෙ ම හොඳ සැමියෙක් මට හම්බ වුණා. ඒක තමයි මම මගේ ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණය. කවුරුවත් කියපු දේවල්වලට මම රියැක්ට් කරන්න ගියා නම්, මගේ සැමියා ඒ වෙදි මගේ බෝයි ෆ්‍රෙන්ඩ් එයා රියැක්ට් කරන්න ගියා නම් ඒක කර ගන්න බැරි වෙන්න තිබුණා. ඒ නිසා මම ඇත්තටම රෙස්පෙක්ට් කරනවා මගේ සැමියාට. සාමාන්‍යයෙන් ලංකාවේ ජීවත් වෙච්ච කෙනෙක් නම් ඕවා දරුණුවට හිතන්න පුළුවන්.

ඇත්තටම මේ කියන විදිහට එයා ෂුගර් ඩැඩී කෙනෙක් එක්ක ඉඳලා ඇතිද ? කියන එක හිතෙන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ එයා කිව්වේ ඔයා කවුද කියන එක, ඔයා මොනවද කළේ කියන එක මම දන්නවා. ඔයා කාත් එක්කද එහෙ ගියේ කාවද ඇසුරු කළේ ඒක මම ඇස් දෙකෙන් දැක්කා. එතකොට මම දන්නවා ඔය කියන පුද්ගලයත් එක්ක ඔයාලගේ තිබිච්ච ගනුදෙනුව කොයි වගේ එකක්ද කියලා. ඒ කියන්නේ කලාකරුවෝ විදිහට සියලු දෙනාටම තියෙන ගනුදෙනුව තමයි මටත් තිබුණේ. එතනින් එහා දෙයක් නැහැ. නමුත් සමහරක් වෙලාවට එතනම ඉන්න අයට ඒක ගැන ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දි අනිත් පැත්තට දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නැති දේ තුළ ඒ මිනිස්සුන්ට අපිව ස්පෙෂල් වෙනවා. ඒ කියන්නේ මෙයා හරි හොඳ කෙනෙක් කියලා හිතෙන්න පුළුවන්. ඒක අනිත් අය ඉස්සරහා කියන්න පුළුවන්. අන්න එතකොට ඒ අනිත් අයට ඇතිවන ජෙලර්සි එක තමයි මේ හැමදේටම බලපෑවෙ.”

ශලනි මේ විදිහට ඒ ගැන කතාවට විරාමය තිබ්බේ අපිට තවත් ප්‍රශ්නයක් ඉතුරු කරලා.

  • වයලට් ප්‍රියදර්ශනී විතානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles