සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු බව කියන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා පසුගිය දා එයින් මිදී පළා යෑමට උත්සාහ ගත් අතර එය ව්‍යර්ථ වුණා.
ඒ සඳහා පොලිස් කොස්තාපල්වරයෙකු උපකාර කළ බවට පසුව හෙළිදරව් වූ අතර පැන යෑමේ වෑයම ව්‍යර්ථ වීමත් සමඟ පොලිස් කොස්තාපල්වරයාද පැන ගොස් තිබුණා.
එදින රාජකාරි කළ පොලිස් නිලධාරීන්ට සිය පෙම්වතිය සෑදූ බව කියමින් සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් කිරි ටොපි ලබා දී තිබුණා. මේ වන විට හෙළිදරව් වී ඇත්තේ, එම කිරිටොපිවලට මත්පෙති සහ නිර්වින්දන අඩංගු කර තිබී ඇති බවයි.
මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වෙනවා.