ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ෂරියා විශ්වවිද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලයට භාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා.
පාස්කු ප්‍රහාරයෙන් පසුව වසර හතරකට ආසන්න කාලයක් මෙම ෂරියා විශ්වවිද්‍යාලය පැවතියේ යුද හමුදාව භාරයේයි. එම විශ්වවිද්‍යාලයේ මුල් හිමිකරු වන නැඟෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයකු වූ එම්. ඒ. එම්. හිස්බුල්ලාට එහි අයිතිය භාරදීමට ඉකුත්දා කටයුතු කෙරුණා.
මඩකලපුව පූනානි හි පිහිටි එම විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු තාක්ෂණ විශ්වවිද්‍යාලයට පැවරීමෙන් අනතුරුව තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ක්‍රියා පටිපාටියට අනුකූලව කටයුතු කිරීමටත් කෘත්‍රිම බුද්ධිය ආදී විෂයයන් ඉගැන්වීමටත් තීරණයක් ගෙන තිබෙනවා.