11 වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි ශිෂ්‍යාවක් ත්‍රීරෝද රථයකින් ලැගුම්හලකට ගෙන ගොස් අතවරයක් කළැයි එම පාසලේම 11 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ සිදුවීම වාර්තාවන්නේ තිස්සමහරාම පොලිස් බල ප්රදේශයෙනුයි. මේ දෙදෙනා ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවද මෙම සිදුවීම පසුගිය වසරේ සිදු වූ බවද කියැවෙනවා.
කෙසේ වෙතත් සිසුවිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබෙනවා. සිසුවා තිස්සමහරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිස් ආරංචි මාර්ග කියා සිටිනවා.