ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කෙරුණු ප්‍රහාරය කුමක්ද?

2001 ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ල කෙරුණු ප්‍රහාරයේ සංවත්සරය යෙදුණ අද දින පුද්ගලයන් දෙදෙනෙක් ඉන්දීය ලෝක සභාවට ඇතුළු වී කැනිස්ටර් ප්‍රහාරයක් එල්ල කළා. එයින් කහ පැහැ දුමාරයක් විසිර ගියා.

මේ දෙදෙනා අමුත්තනගේ ගැලරියේ වාඩි වී සිට ඇති අතර සපත්තුවල කැනිස්ටර් සඟවාගෙන සිට ඇති බව හෙළිදරව් වී තිබෙනවා. ඔයුන් මේසයෙන් මේසයට පනිමින් සභා මධ්‍යයට ගමන් කරනු කැමරා දර්ශනවලින් දක්නට ලැබෙනවා. ඔවුන් ‘ඒකාධිපතිත්වය පිළිනොගන්නා‘ බවට සටන් පාඨ කියූ බවයි සඳහන් වූයේ.

ලෝක් සභාවේ කොන්‍ග්‍රස් පක්ෂ නායක අධිර් චෞද්‍රි අදහස් දක්වමින් “තරුණයන් දෙදෙනෙක් ගැලරියෙන් බිමට පැන්න අතර ඔවුන් විසින් ගෑස් නිකුත් කරන යමක් විසි කළා. ඔවුන් මන්ත්‍රීවරුන් විසින් අල්ලා ගන්නා ගෙන ආරක්ෂක නිලධාරීන් විසින් පිටතට ගෙන ආවා. සභාව පස්වරු 2 දක්වා කල් තැබුණා. 2001 දී ජීවිත පරිත්‍යාග කළ මිනිසුන්ගේ මරණ සංවත්සරය අද අපි සැමරූ නිසා මෙය නිසැකවම ආරක්‍ෂාව කඩ කිරීමක්.”

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම කාගේද යන්න මෙතෙක් හෙළිදරව් වී නැහැ.

ප්‍රහාරය එල්ල වූ ආකාරය දැක්වෙන වීඩියෝවක් පහත සබැඳියෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles