2023 විකිපීඩියාවෙන් වැඩියෙන්ම විමසා ඇත්තේ මොනවාද?

ලොව පුරා මිලියන ගණනක් ජනයා දේවල් වඩා හොඳින් වටහා ගැනීම උදෙසා මාර්ගගත විශ්වකෝෂයක් ලෙස විකිපීඩියා භාවිතා කරනවා. විකිපීඩියා ශබ්දකෝෂය නඩත්තු කරන්නේ ලොව පුරා ස්වේච්ඡා සංස්කාරකවරුන්-වරියන් විසින්.

ගිය වසරේ වැඩියෙන්ම විකිපීඩියා වෙතින් විමසා ඇත්තේ නවතම තොරතුරු තාක්ෂණ දියුණු මෙවලම වන ChatGPT ගැන බවයි, Anusha Alikhan (ප්‍රධාන සන්නිවේදක නිලධාරි -විකිමීඩියා පදනම) පවසන්නේ.

එම සෙවුම් ප්‍රමාණය මිලියන 79ක්.

ගිය වසරේ සමස්ත විකිපීඩියා සෙවුම් සංඛ්‍යාව බිලියන 84ක් පමණ ඉහළ ප්‍රමාණයක්.

එයින් ගිය වසරේ ප්‍රධාන සෙවුම් 10 පහත දැක්වෙනවා.

ChatGPT – මිලියන 49

2023 සිදුවූ මරණ – මිලියන 43

2023 ක්‍රිකට් කුසලානය – මිලියන 38

ඉන්දියානු ප්‍රිමියර් ලීගය – මිලියන 32

Oppenheimer සිනමාපටය – මිලියන 28

ක්‍රිකට් ලෝක කුසලානය – මිලියන 25.9

Robert Oppenheimer – මිලියන 25.6

Jawan සිනමාපටය – මිලියන 22

2023 ඉන්දියන් ප්‍රිමියර් ලීග් – මිලියන 21

Pathaan සිනමාපටය- මිලියන 19.9

මෙහි විශේෂත්වය වන්නේ සමහර විෂය සෙවුම් පද කිහිපයකින් සොයා තිබීමයි. ඒ අනුව සෙවුම් පද කිහිපයක එක් විෂයක් පිළිබඳ සෙවීම සැලකීමේදී වැඩිම සෙවුම් ප්‍රමාණයක් ක්‍රිකට් විෂය සම්බන්ධයෙන් සිදු කර ඇති බව පෙනී යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles