ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයේ සිටියදී ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් මිලියන 17.85ක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
2022 ජුලී 09 අරගල කරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමෙන් අනතුරුව එහි තිබී සොයා ගත් එම මුදල් පිළිබඳව විමර්ශන කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිවීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
ඊයේ (18) එම කොමිසම විසින් මේ බව කොටුව මහෙස්ත්‍රාත්වරයා වෙත දැනුම්දී තිබෙනවා.