ඔන්ලයින් ඇඩ් එකේ බයික් එක ගන්න ගියාම කපලා කොටලා මංකොල්ල කාලා

තියුණු ආයුධවලින් පහර දී මුදල් හා දේපොළ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පමුණුගම පොලිස් වසමෙන් වාර්තා වෙනවා.

මේ සිදුවීම සිදුව ඇත්තේ පමුණුගම, දෑලතුර, ඇලබැම්ම ප්‍රදේශයේදී.

අන්තර්ජාලයේ පළ කර තිබූ යතුරුපැදි දැන්වීමකට අනුව එය මිලට ගැනීම සඳහා ගිය පුද්ගලයන් දෙදෙනෙකු මේ සිදුවීමට මුහුණ දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසනවා.

සැඟව සිටි පුද්ගලයන් සිව් දෙනෙකු කඩා පැන, රුපියල්132000ක මුදලක්, ජංගම දුරකතන 5ක් රන් පොටක් සහ අත්පළඳනාවක් මෙසේ කොල්ලකා පළා ගොස් තිබෙනවා.

සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles