ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අද (20) දින හැටන් නගරයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. එහිදී ඔහු වත්මන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත බරපතළ ලෙස විවේචනයට ලක් කළා.
තෛපොංගල් උත්සවය අවසන් වී දින ගණනාවකට පසුව ජනවාරි 21 දා හැටන් නගරයේ ජාතික තෛපොංගල් උත්සවයක් සංවිධානය කර ඇති බවත් වතුකරයේ ජනතාව කිසිදු ගැටලුවකින් තොරව සශ්‍රීකව සිටින බව පෙන්වීම එහි අරමුණ බවත් ඔහු එහිදී කියා සිටියා.
දැඩි ආර්ථික පීඩනය හමුවේ වතුකරයේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවත්, දරුවන්ගේ මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවත් කී ලේකම්වරයා දරුවන් විශාල පිරිසක් අධ්‍යාපනය අත්හැර දමා ඇතැයි කියා සිටිනවා.
මධ්‍යම පළාතේ දරුවන් 1989ක් අධ්‍යාපනය අතහැර දමා ඇති බවත්, එයින් 570ක් නුවරඑළියෙන්ද, හැටන්වලින් 541ක්ද කොත්මලේ දරුවන් 319ක්ද ගම්පොල දරුවන් 209ක්ද ඊට අන්තර්ගත බව පැවසුවා.
මෙවැනි බරපතළ ගැටලුවලට විසඳුම් නොදී ප්‍රදර්ශනාත්මක පොංගල් උත්සව තැබීම ඔහුගේ දැඩි දෝෂදර්ශනයට ලක් වුණා.