ඈන් කුමරිය එද්දී, ජනපතිගේ පූර්ණ අධීක්ෂණයෙන් රැජිනගේ පිළිරුවක්

එංගලන්ත රජ පවුලේ දෙවැනි එලිසබෙත් රැජිනගේ එකම දියණිය වන ඇය දින තුනක සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිත වෙනවා. ඒ 2024 ජනවාරි 10 වැනි දිනයි.

සංචාරය සඳහා ඇයගේ සහකරු වන වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් ලෝරන්ස්ද එක්වන බව සඳහන් වන අතර, ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර වන 75 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා සැමරීමේ උත්සව කිහිපයකට ඔවුන් සහභාගි වීමට නියමිත වෙනවා.

එහිදී, ඇගේ මව වන දෙවැනි එලිසබෙත් රැජිනගේ පිළිරුවක් විවෘත කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. මෙය එලිසබෙත් රැජිනගේ මවගේ ඉල්ලීමකට අනුව මෙරට ඉදිකළ වික්ටෝරියා වේල්ල ආසන්නයේ ඉදිකෙරෙන බවත් එය ජනාධිපතිවරයාගේ පූර්ණ අධීක්ෂණයට යටතේ සිදුවන්නක් බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles