නිධන් කෙළියට පොලිසිය පනිද්දී අමුතු නාටකයක් රඟපෑ අය රෝහලේ

පියකු සහ පුතකු නිවෙසේ මහ රෑ වළක් හාරා නිධන් සොයද්දී ඔත්තු බැලූ මවක, දියණියක සහ මවගේ සහෝදරියක පොලිසිය එද්දී බොරු ආරුඪයක් පෙන්වා බෝතල් කටුවලින් අතපය කපා ගැනීම නිසා ඔවුන් ලේ පෙරෙන තුවාල සහිතව රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.

මෙම සිදුවීම මැදවච්චිය පුරාවිද්‍යා බිමකට ආසන්න නිවසක සිදු වී ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

මැදවච්චිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති වරිච්චි බිත්ති සහිත විදුලිය විසන්ධි කර ඇති නිවසක එකම පවුලේ කාන්තාවන් තිදෙනකු නිවස ඉදිරිපිට ඔත්තු බලමින් සිටියදි එම පවුලේ පිරිමි දෙදෙනා නිවස ඇතුලේ වළක් හාරමින් සිටි බවත් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව විමර්ශනයට ගිය මැදවච්චිය පොලීසියේ නිලධාරීන්ට නිවස ඇතුළට යෑමට ඉඩ නොදුන් කාන්තාවන් තිදෙනා මායම් විමට පටන් ගෙන තමන් යක්ෂයන් බව කියා බෝතල් කටුවලින් ඔවුන්ගේ අත් කපාගෙන නිලධාරීන් බිය ගන්වා ඇති බව පොලීසිය එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles